Thursday, May 2, 2024

General line - 0115112241

සමස්ත ආසාදිතයන් ගණන 14,715ක් දක්වා ඉහළට - මරණ ගැන සොයන්න විශේෂඥ කමිටුවක්




මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14,715 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඒ, ඊයේ දිනයේද අලූතින් ආසාදිතයින් 430 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි. ඒ අනුව දැනට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාවද 5,137 ක් දක්වා ඉහළ ගියා. 

ඊයේ හදුනාගත් සියළු දෙනා පෑලියගොඩ පොකුරේ ආශි‍්‍රතයින්. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩි පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 11,233 ක්. මේ වනවිට මෙරටින් පුද්ගල මරණ 11 ක් ද වාර්තා වනවා. ඊයේ දිනය තුළ පුද්ගල මරණ 5 ක් වාර්තා වූ අතර මේ මාසයේ ගත වූ දින 10 ට දිනකදී පුද්ගල මරණ 5 ක් වාර්තා වූ 2 වන දිනය ඊයේ දිනයයි. 

නොවැම්බර් මස 2 වනදා හැර මේ දක්වා සෑම දිනකදිම කොරෝනා මරණයක් වාර්තා වී තිබෙනවා. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මරණ ඉහළ යාම සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂඥ කමිටුවක්ද පත් කළා.