Saturday, April 20, 2024

General line - 0115112241

ඔලිම්පික් පාපැදි තරගය අවසානයේ බෝම්බ බියක් (PHOTOS)




රියෝ ද ජැනයිරෝ ඔලිම්පික් උළලේ බෝම්බ බියක් පැතිර ගොස් තිබෙනවා. ඒ ඔලිම්පික් පිරිමි පාපැදි සවාරියේ අවසානය සනිටුහන් කරන කෝපකබානා වෙරළාසන්න ස්ථානයට ඔබ්බෙන් සැකකටයුතු බෑගයක් හමුවී තිබීමත් සමගයි.

ඒ අනුව එම සැකකටයුතු බෑගය හමුවූ ස්ථානය අවට පිරිස් වහා ඉවත් කිරීමට බ්‍රසීල ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.

පසුව අදාළ සැකකටයුතු බෑගය රොබෝ යන්ත්‍රයක් ආධාරයෙන් පරීක්ෂා කිරීමට එරට ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව කෝපකබානා වෙරළාසන්න ස්ථානයට ඔබ්බෙන් එරට බෝම්බ නිශ්ක්‍රීය අංශය පාලනයෙන් යුතුව එම බෑගය පුපුරුවා  හැරුණා.

පාපැදි සවාරියේ සජීව විකාශයේදී පවා මෙම පිපිරීම සිදුවන හඬ ඇසුණු බවත් එම අවස්ථාවේදී තරගයේ විස්තර විචාරකයන් පවා මෙහොතකට නිහඬ වූ බවත් විදෙස් වාර්තා සඳහන් කළා.

පාපැදි ධාවකයන් දිනුම් කණුව වෙත පැමිණීමට තවත් කිලෝමීටර් 70 ක් පමණ තිබියදී එම පිපිරීම සිදුකර ඇති බවද සඳහන්.

මෙම පිපිරීම රියෝ ඔලිම්පික් උලෙළ සමග වාර්තා වූ දෙවැනි බෝම්බ බිය ඇති කළ සිදුවීම ලෙස සැලකෙන අතර ඔලිම්පික් සමාරම්භක උලෙළ පැවති ක්‍රීඩාගාරය ආසන්නයේ වූ සැකකටයුතු බෑග් දෙකක් පිරික්සීම සඳහා බෝම්බ නිශ්ක්‍රීය රොබෝ යන්ත්‍ර යොදාගැනීමක් මීට පෙර වාර්තා වුණා.

36EB98C400000578-0-image-a-31_1470449098811 36EB98C400000578-3726471-Disposal_A_bomb_disposal_technician_moved_in_to_examine_the_pack-a-1_1470463078831 36EBA0FA00000578-0-image-a-32_1470449104725 36ECEE7F00000578-3726471-image-a-2_1470463079010