Thursday, May 2, 2024

General line - 0115112241

පී සී ආර් නොකර කට්ටි පැන්නොත් නඩු




පී සී ආර් පරීක්ෂණ සඳහා පෙනී සිටින ලෙස සෞඛ්‍ය අංශ මගින් දැනුම් දී තිබුණ ද ඒ සඳහා පෙනී නොසිට මග හරිමින් සිටින පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන නීති යටතේ නඩු පවරන බව පොලිසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

මුව ආවරණ නොපැළදීම, පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 72 දෙනෙකු අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.