Thursday, May 2, 2024

General line - 0115112241

හලාවත ග්‍රාම නිලධාරී වසම් 05කට සංචාරණ සීමා 

ජුඩ් සමන්ත




හලාවත පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 05 ක සංචරන සීමා පැනවීමට තීරණය කළ බව හලාවත පොලීසිය සදහන් කර සිටිනවා.

ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ,කුරුසපාඩුව,දකුණු වෙරළ බඩ,එගොඩවත්ත සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම් වලට සංචරන සීමා පනවා ඇත. මෙම ග්‍රාම නිලධාරී වසම් වල පවුල් 2356 ක් ජීවත් වේ.

පසුගිය දින 05 ක කාලය තුළට මෙම ග්‍රාම නිලධාරී වසම් වලින් කොරෝනා ආසාධිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටින්නේ.