Sunday, May 5, 2024

General line - 0115112241

වසා දැමු මහනුවර නගරයේ පාසැල් විවෘත කිරිම කල් යයි : බෝගම්බර ගම්මානය හුදෙකලා කරයි

ජේ.ඒ.එල් ජයසිංහ / හේරත් ඒකනායක




කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මහනුවර නගර සභා සිමාවේ වසා දැමු පාසැල් තවත් සතියක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ සඳහන් කර සිටිනවා.

ඒ අනුව මහනුවර නගර සභා බලප්‍රදේශයේ පිහිටි පාසැල් 45ක් සහ අකුරණ ප්‍රදේශයේ පාසැල් 05ක් දෙසැම්බර් 14 වෙනිදා දක්වා වසා තබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සලකා බලා මහනුවර දිස්ත්‍රික්කයේ පාසැල් ලබන සඳුදා (07) දක්වා වසා තැබීමට පසුගිය සතියේදී තීරණය කරනු ලැබුවා.

මේ අතර කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වූ බෝගම්බර ගම්මානය අද සවස 6.00 සිට හුදෙකලා කිරිමට තීරණය කළ බවත් එහි පුද්ගලයින් 1,200ක් පමණ සිටීන බවද ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියා.

දඹුල්ල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම නිසා වසා දැමු ගලේවෙල ප්‍රදේශයේ පාසැල් ලබන සඳුදා සිට යලි විවෘත කරන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ.