Wednesday, May 1, 2024

General line - 0115112241

පාස්කු කොමිසමේ කාලය දීර්ඝ කෙරේ




පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ ජනවාරි මස 31 වනදා දක්වා එම කොමිසමේ කාලය දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

මීට පෙර අවස්ථා කිහිපයකදී පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කර තිබෙනවා. 2019 වර්ෂයේ අපේ‍්‍රල් මස 21 වනදා පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර, පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා එම ජනාධිපති කොමිසම පත් කෙරුණා.