Wednesday, May 1, 2024

General line - 0115112241

වෙද මහතාගේ ඖෂධය පිටුපස වෙනත් බලවේගයක් - අනුර කුමාර දිසානායක




කොරෝනා වෛරසයට එරෙහිව කෑගල්ල වෙද මහතා නිපදවන ලද කියන දේශීය ඖෂධය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පැවසුවේ එම වෙද මහතාගේ ඖෂධය පිටුපස වෙනත් බලවේගයක් සිටින බවයි.

කෙසේවෙතත් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත‍්‍ර කමිටුව විසින් අනුමත කළ පමණින් එම ඖෂධය  භාවිත කළ නොහැකි බවයි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව එම ඖෂධය භාවිත කිරීමෙන් රෝගය සුව කිරීමට හැකි දැයි පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව ද අමාත්‍යවරයා සදහන් කළා.