Wednesday, May 1, 2024

General line - 0115112241

මාලදිවයිනට මුස්ලිම් දේහයන් ගෙනයන්න තීරණය කර නැතැයි රජය කියයි




කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් සම්බන්ධයෙන් අද දිනයේදීද අදහස් පළ වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ එම මරණ  සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අවසන් තීරණය ගන්නා බවයි.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද මුස්ලිම් ජාතිකයින්ගේ මරණවල අවසන් කටයුතු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළා. ඊට සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙලෙස අදහස් පළ කළා.