Sunday, May 5, 2024

General line - 0115112241

යුරෝපයේ පකිස්තාන ගුවන් සේවා තහනම අඛණ්ඩව




යුරෝපා සංගමයේ සිවිල් ගුවන් සේවා ඒජන්සිය  විසින් පකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවය වෙත පනවා ඇති තහනම තවත් මාස තුනක කාලයක් සදහා දීර්ඝ කර තිබේ.

නිසි ලෙස ගුවන් ආරක්ෂණ කොන්දේසි අනුගමනය නොකිරීම මත පසුගිය වසරේ ජූලි මාසයේදී යුරෝපා සංගමයේ රටවල් පකිස්තාන ගුවන් සේවයට තහනමක් පනවනු ලැබීය.

එම තහනමට අනුව පකිස්තාන ගුවන් සේවයේ යානා වෙත යුරෝපා සංගමයේ රටවල් වෙත පියාසර කිරීමට අවසර නොලැබේ.

යුරෝපා සංගම් සිවිල් ගුවන් සේවා ඒජන්සිය සදහන් කර ඇත්තේ ගුවන් ආරක්ෂණයට අදාළ තම  කොන්දේසි සම්පූර්ණ කිරීමට අදාළව පකිස්තාන ගුවන් සේවය ආරක්ෂණ විගණනයකට  ලක් කළ යුතු බවයි.

මෙම තහනම හේතුවෙන් පකිස්තාන ගුවන් සේවයට දැඩි ආර්ථික පාඩුවක් අත්ව ඇති බවත් ඔවුන්ගේ අවස්ථා වෙනත් විදේශ ගුවන් සේවා මගින් හිමිකර ගනිමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.