Sunday, May 5, 2024

General line - 0115112241

නිරෝධායනයට යොමු කළ යාල ජීප්රථ රියදුරන් දුෂ්කරතා රැසක




යුක්රේන ජාතිකයන් පිරිසක් යාල වනෝද්‍යානයේ සංචාරයට රැගෙන ගිය ජීප් රථ රියදුරන් 27 දෙනා අද අලූයම නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එම සංචාරයට එක් වූ ජීප් රථ රියදුරෙකු වන ආර් කේ පි‍්‍රයන්ත නෙත් නිවුස් වෙත කියා සිටියේ අද අලූයම 01පමණ වන තෙක් නිරෝධායනය සඳහා තමන්ට ස්ථානයක් හා ආහාරපාන ලබා දීමට බලධාරීන් අපොහොසත් වූ බවයි. 

පසුව ගෙවීමේ පදනම මත තමන් විසින් සොය ගත් හෝටලයකට යාමට සිදු වූ බවයි ඔහු සඳහන් කළේ. 

විදේශිකයන් පිරිස යාල වනෝiානයේ සංචාරයක නිරත වන බවට කිසිදු බලධාරියෙක් හෝ ඊට අදාළ කිසිදු ආයතනයක් තමන්ව දැනුවත් කර නොතිබූ බව තිස්ස සෞඛ්‍ය වෛi නිලධාරී වෛද්‍ය ප‍්‍රභාත් ලියනාරච්චි නෙත් නිවුස් කළ වීමසීමකදී කියා සිිටියා.