Sunday, May 5, 2024

General line - 0115112241

වසංගතය මැද කොළඹ සංවර්ධන සැලසුම් දිගටම




කොරෝනා වසංගත අභියෝග මධ්‍යයේ වුවද කොළඹ දිස්ති‍්‍රක්කයේ සංවර්ධන කටයුතු සහ ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලි මෙම වසරේදී අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කොළඹ දිස්ත‍්‍රීක් ලේකම් ප‍්‍රදීප් යසරත්න පවසනවා.  

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩි සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ සියලූ කටයුතු බාධාවකින් තොරව මෙම වසරේදී පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි කොළඹ දිස්ති‍්‍රක් ලේකම් ප‍්‍රදීප් යසරත්න නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කොළඹ දිස්ති‍්‍රක්කයේ හුදකලා කෙරුණු ප‍්‍රදේශ, මහල් නිවාස වල වෙසෙන ජනතාව සහ අඩු ආදායම්ලාභී පවුල් සදහා සහන සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 3500කට වැඩි මුදලක් රජය විසින් වෙන් කෙරුණු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මින් ඉදිරියටද සිය දිස්ති‍්‍රක්කයේ දින 14ක නිරෝධානය සදහා යොමු කෙරෙන පවුල් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇති බවයි කොළඹ දිස්ති‍්‍රක් ලේකම් ප‍්‍රදීප් යසරත්න වැඩිදුරටත් සදහන් කළේ.