Thursday, May 2, 2024

General line - 0115112241

දෙවන කොරෝනා රැල්ලේ ආසාදිතයින් ගණන 41,000 ඉක්මවයි




මෙරට කොරෝනා දෙවන රැල්ලෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 41,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් 4 වනදා සිට ඊයේ දිනය දක්වා කොරෝනා ආසාදිතයින් 41,027 ක් වාර්තා වූ බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

එම කාලය තුළ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 19,422 ක්. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් 9,977 දෙනෙකු, කලූතර දිස්ති‍්‍රක්කයෙන් 3,687 දෙනෙකු සහ මහනුවර දිස්ති‍්‍රක්කයෙන් 2,059 දෙනෙකු ලෙස ඔක්තෝම්බර් 4 වනදා සිට ඊයේ දිනය දක්වා කොරෝනා ආසාදිතයින් වාර්තා වූ බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 532 ක් වාර්තා වනවා. ඉන් වැඩිම සංඛ්‍යාව වන 226 දෙනෙකු වාර්තා වන්නේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්. ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයෙන් 27 දෙනෙකු, බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයෙන් 23 දෙනෙකු, දෙමටගොඩ සහ අවිස්සාවේල්ල ප‍්‍රදේශවලින් 19 දෙනා බැගින් වාර්තා වූ ආසාදිතයින්ද අයත්. ආසාදිතයින් 13 දෙනෙකු කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයෙන්ද, ආසාදිතයින් 12 දෙනෙකු පුවක්පිටිය ප‍්‍රදේශයෙන්ද ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා. 
ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 50 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වුණා. ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් සංඛ්‍යාව 14 දෙනෙකු මීගමුව ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ අතර ගම්පහ දිස්ති‍්‍රක්කය අබිඹවා ආසාදිතයින 72 දෙදෙනෙකු ඊයේ දිනයේ මහනුවර දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වනවා. ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් 46 දෙනෙකු, කලූතර දිස්ති‍්‍රක්කයෙන් 31 දෙනෙකු සහ කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් 16 දෙනෙකු ලෙස ආසාදිතයින් ඊයේ දිනයේ වාර්තා වූ බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ අතර මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 46,780ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඉන්් 39,661 දෙනෙකු මේ වන විටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,897ක් වනවා. ආසාදිතයින් 222 නෙකු කොරෝනා ආසාදිතව මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ මුහුණු ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගැවසුනු පුද්ගලයින් 377 දෙනාගෙන් තිදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.