Saturday, April 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු පොකුරක අවදානම හමුවේ කළ යුතු දෑ සොයන්න අද විශේෂ රැස්වීමක්




පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වෙනවා. 

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරුවීමත් සමග මීළඟ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය සම්බන්ධයෙන් එහිදී පක්‍ෂ නායකයන් සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ට සහ මන්තී‍්‍රවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීම පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමුවීමට අද සිට අවස්ථාව සලසා දී තිබෙනවා. එය ඉදිරි දින කිහිපය තුළදීද කි‍්‍රයාත්මක වන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ.