Sunday, May 5, 2024

General line - 0115112241

රද්දොළුගම පොලිසියේ 15කට සහ කටුනායක අධිවේගී මාර්ග පොලිසියේ 05කට කොරෝනා

ටී කේ ජී කපිල / ඉන්දික විතාන




රද්දොළුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 15 දෙනෙකුට සහ කටුනායක අධිවේගී මාර්ග පොලීසියේ නිලධාරීන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම සියලූ නිලධාරී නීරෝධායනය සදහා ඔවුන්ගේ නිවෙස් වල සහ රජයේ රෝහල් වෙත යොමු කළ බවයි එම ප‍්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පැවසුවේ.

මේ හේතුවෙන් රද්දොළුගම සහ කටුනායක අධිවේගී මාර්ග පොලීසියේ රාජකාරී ආවරණය කිරීම සදහා මේ වනවිට වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කළ බව පොලිසිය සදහන් කළා.

මේ අතර ඉංගිරිය බොරළුගොඩ කර්මාන්තපුරයේ කර්මාන්තශාලා 03ක් තාවකාලිකව වසා දැමුණා. එම කර්මාන්තශාලා සේවකයින් 435 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර බවයි ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ. එම කර්මාන්තපුරයේ කර්මාන්තශාලා 05කින් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු හදුනා ගැනීම ඊට හේතුවී තිබෙනවා. 

මේ අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 343 දෙනෙකු හදුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවා.