Wednesday, May 1, 2024

General line - 0115112241

නැකතට පැළ සිටුවීමට පෙර වනාන්තර රැකගන්නයි පරිසර සංවිධානවලින් ඉල්ලීමක්




වනාන්තර රක්‍ෂිතයන් රැක ගැනීමට කටයුතු නොකරන්නේ නම් නැකතට පැල සිටුවීමෙන් පළක් නොවන බව පරිසර සංවිධාන පවසනවා. මෙම වසරේ සිට සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට පැළයක් සිටුවීමේ නැකතක් එක් කිරීමට පරිසර අමාත්‍යංශය ඉකුත්දා තීරණය කළා. මේ, එම තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්.

පැල සිටුවීම වර්තමානයේ මාධ්‍ය සංදර්ශනයක් බවට පත්ව ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේ.