Tuesday, April 30, 2024

General line - 0115112241

දෙවන අදියරයේදී කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට පාර්ශව රැසකින් ඉල්ලීම්




දෙවන අදියරේ එන්නත්කරණ වැඩසටහන සදහා තමන් ද එක්කර ගන්නා ලෙස පාර්ශව රැසක් ඉල්ලීම් කර ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත පැවසුවේ ගුරුවරුන්, සංචාරක කර්මාන්තයේ නියලෙන්නන්, ලොතරැයි අළෙවිකරුවන් සහ ඇඟළුම් කර්මාන්ත ශාලාවලින් මෙම එල්ලීම් ඉදිරිපත් වී ඇති බවයි.

චීනයේ නිෂ්පාදිත සයිනෝ ෆාමා එන්නත ලබාගැනීම සදහා මේ වනවිට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.