Wednesday, May 1, 2024

General line - 0115112241

මුතුරාජවෙලට බැල්ම හෙලන පිරිසක් ගැන පරිසරවේදීන්ගෙන් අනාවරණයක්




මුතුරාජවෙල තෙත්බිමේ අක්කර 700 ක භූමි ප්‍රමාණයක් ගොඩ කිරීමේ උත්සාහය පිටුපස සිටින්නේ මෙරට ධනවතුන් කිහිපදෙනෙකු බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා. එම උත්සාහය ක්‍රියාත්මක වුවහොත් මෙරට පරිසර පද්ධතියට ඉන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ. 

මේ අතර, ජාතික නිදහස් දිනය වෙනුවෙන් ඊයේ පැවති ආගමික වැඩසටහනකට එක්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මෙරට තෙත් බිම් විනාශය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.