Wednesday, May 1, 2024

General line - 0115112241

සඳුදා සිට මහජනතාවට සහනයක් : අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27ක මිල අඩු කෙරේ 




ස්ථාවර මිල තීරණය කළ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ලබන සඳුදා සිට සතොස සහ සමූපකාර මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි.

ලබන සඳුදා සිට මෙම භාණ්ඩ නව මිල ගණන් යටතේ සතොස, සමූපකාර හා Q-Shop හරහා පාරිභෝගික ජනතාවට නිකුත්  කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

සතොස, සමූපකාර හා Q-Shop හරහා මෙම භාණ්ඩ ලබා ගැනීමේදී යම් ගැටළුවක් ඇති වෙතොත් ඒ පිළිබඳව විමසීම් කිරීම සඳහා 1998 ඍජු දුරකථන අංකයත්, යම් ස්ථානයක සිදුවන මිළගණන් වංචා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 1977 ඍජු දුරකථන අංකයත් එළඹෙන සඳුදා දින සිට ක්රිoයාත්මක වන බව ද අමාත්යවවරයා වැඩිදුරටත් ප්රාකාශ කරන සිටියේ.

මිල අඩුකරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ වල ලේඛණය පහත දැක්වේ :