Sunday, May 5, 2024

General line - 0115112241

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපතිට




පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිකුත් කළ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාවේ පිටපතක් නීතිපති දප්පුල ද ලිවේරා වෙත අද භාරදෙනු ලැබුවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී, අධිනීතිඥ නිශාරා ජයරත්න සදහන් කළේ ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර විසින් මෙම වාර්තාව නීතිපතිවරයා වෙත අද භාරදුන් බවයි.

මේ අතර අද පැවති මාධ්‍යහමු කිහිපයකදී පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිකුත් කළ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ, සමගි ජන බලවේගය කැදවූ මාධ්‍ය හමුවකදි අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිරෝෂන් පෙරේරා.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිළිබදව විපක්‍ෂය නගන චෝදනාවලට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අනුරාධපුර ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.