Sunday, May 5, 2024

General line - 0115112241

රෝහල් කණිෂ්ඨ සේවකයෝ තවදුරටත් වර්ජනයේ - සෞඛ්‍ය සේවා සදහා නාවික හමුදාවත් කැඳවෙයි




ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රෝහල් රැසක කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් ආරම්භ කර වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මකයි. මේ හේතුවෙන් අද දිනයේද රෝහල් කටයුතුවලට බාධා එල්ල වුණා. රෝහල් වෙත පැමිණෙන රෝගීන්ගේ පහසුව සදහා යුද හමුදාවට අමතරව අද දිනයේදී නාවික හමුදාවද රෝහල් සේවා කටයුතු සදහා කැඳවා තිබීම විශේෂත්වයක්. 

නාවික හමුදා වෛද්‍ය සහයක නාවිකයින් ඇතුළු නාවිකයින් 89 දෙනෙකු මේ සදහා කැඳවා තිබූ බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. ඔවුන් වැලිසර ලය රෝහල, මහව රෝහල, මීගමුව රෝහල, ගාල්ල මහ මෝදර රෝහල, උඩුගම රෝහල, ඇල්පිටිය රෝහල ඇතුළු රෝහල් රැසකට අනියුක්ත කෙරුණා. 

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති සදහන් කළේ සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසදුම් ලබාදී නොමැති බවයි. කෙසේවෙතත් හෙට පෙරවරු 6 ට මෙම වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි ශී‍්‍ර ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති  ඩබ්ලිව් ඒ ඞී විමලරත්න සදහන් කළේ.