Sunday, May 5, 2024

General line - 0115112241

ශ්වේත පුජා වැඩසටහන හෙට මාතලේ කන්දෙවත්ත ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේදී 




නවම් පුරපසලොස්වක පොහොය යෙදෙන හෙට දිනයේ නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන මාතලේ, පල්ලෙපොල, කන්දෙවත්ත ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන අතර ඒ සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. 

සෞඛ්‍ය රීතීන්ට මුල්තැන දෙමින් එම පිංකම් මාලාව පැවැත්වෙන බවයි  මාතලේ විහාර පාරේ විද්‍යානන්ද මහා පිරිවෙන් පරිවේනාධිපති, රජරට විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ, අංශාධිපති ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ සදහන් කළේ.