Sunday, May 5, 2024

General line - 0115112241

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ශී‍්‍රලනිපය ප‍්‍රතික්‍ෂේප කරයි




පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප‍්‍රතික්‍ෂේප කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අද තීරණය කළා. ඒ, එම පක්‍ෂ මූලස්ථානයේ අද රැස් වූ පක්‍ෂයේ විධායක සභාව විසින්.

අද පස්වරුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාව රැස්වූ අතර එහිදි මෙම වාර්තාව මෙන්ම පක්‍ෂයේ තනතුරු සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණ රැසක් ගනු ලැබුවා. ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා යළි පත් කිරීමටයි පක්‍ෂ විධායක සභාව තීරණය කළේ. මහලේකම් තනතුර සදහා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යළි පත් කිරීමට එම විධායක සභාවේ අනුමැතිය හිමි වුණා.