Sunday, April 28, 2024

General line - 0115112241

රෝඞ් සේෆ්ටි ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පිටත්ව යයි 




රෝඞ් සේෆ්ටි වර්ල්ඞ් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා ලෙජන්ඞ්ස් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.

සනත් ජයසූරිය, උපුල් තරංග, නුවන් කුලසේකර, ධම්මික ප‍්‍රසාද්, තිළිණ තුෂාර, චාමර සිල්වා, අජන්ත මෙන්ඩිස්, රසල් ආනල්ඕ, ෆර්වීස් මහරුෆ්, රංගන හේරත්, මලින්ද වර්ණපුර, චාමර කපුගෙදර සහ චින්තක ජයසිංහ කණ්ඩායමට එක්ව සිටින සෙසු කී‍්‍රඩකයින්.

මෙවර තරගාවලියේ ශී‍්‍ර ලංනා ලෙජන්ඞ්ස් කණ්ඩායම සහභාගි වන පළමු තරගය ලබන 6 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.