Saturday, April 27, 2024

General line - 0115112241

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් තලංගම ප්‍රදේශයෙන් 




ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වන 56 දෙනෙකු බත්තරමුල්ල, තලංගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

ඊට අමතරව බොරලැස්ගමුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 7 දෙනෙකු, දෙහිවල ප්‍රදේශයෙන් ආසාදිතයින් 6 දෙනෙකු සහ කොස්ගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. 

එම ආසාදිතයින් සංඛ්‍යාවත් සමග ඊයේ දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 112 ක්. 

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 දෙනෙකු, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා. 

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 24 ක්.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. 

එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මේ වනවිට මෙරට පුද්ගලයින් හාර ලක්‍ෂ 66,000 කට වැඩි පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇති බවයි.