Saturday, April 27, 2024

General line - 0115112241

වතු කම්කරුවන්ගේ රුපියල් දහස ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද 




වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට අදාළ තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. 

ඒ, පඩි පාලක සභාවේ සියළු පාර්ශවවල සහභාගිත්වයෙන්. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති නෙත් නිවුස් වෙත පැවසුවේ වතු කම්කරු දෛනිකව වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසකින් එල්ල වී ඇති විරෝධතා පිළිබද මෙහිදී සළකා බලන බවයි. 

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට එරෙහිව මේ වනවිට විරෝධතා 185 ක් ලැබී ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඉකුත් පෙබරවාරි 8 වනදා පැවති තීරණාත්මක සාකච්ඡාවේදී එකඟතාවය පළ වුණේ වතු කම්කරුවෙකුට මූලික දෛනික වැටුප රුපියල් 900 ක් ද අයවැය මගින් පිරිනැමුණු රුපියල් සියයක ප්‍රසාද දීමනාවද සමග රුපියල් දහසක වැටුපක් ලබාදීමටයි. 

එහෙත් මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් වතු කම්කරුවන්ට එම වැටුප හිමි වන්නේ නැහැ.