Sunday, April 28, 2024

General line - 0115112241

බන්ධනාගාරයේ නියාමකවරයෙකු සතු ජංගම දුරකතන 5 ක් සොයාගනී 




මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකු සතුව තිබී ජංගම දුරකතන 5 ක් සොයාගෙන තිබෙනවා.

ඒ, ඔහුට හිමි ගමන් මළු බහා තබන ලොකරය පරීක්‍ෂා කළ අවස්ථාවේදීයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇති බවයි.

මීට පෙරද මීගමුව බන්ධනාගාරයේ සිදුවූ අකටයුතුකම් රැසක් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් රේඩියෝව තොරතුරු රැසක් හෙළි කළා. 

ඒ අතරින් ප්‍රධාන වූයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ අපරාධකරුවන් කිහිප දෙනෙකුට මීගමුව බන්ධනාගාරය තුළදී සූඛෝපභෝගි පහසුකම් ලබාදීමේ සිද්ධියයි. 

එම සිද්ධිය සම්බන්ධයෙන් එවකට එහි බන්ධනාගාර අධිකාරී ලෙස කටයුතු අනුරුද්ධ සම්පායෝට චෝදනා එල්ල වුණා.