Sunday, April 28, 2024

General line - 0115112241

මන්ත්‍රී අශෝක විපක්ෂ නායක ද කැටුව CIDයට




සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉකුත්දා ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මීට පෙර අවස්ථා 02 කදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණ ද ඔහු එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ නැහැ. අද දිනයේ අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද සමගයි. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.