Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දියාවේ සිට ගෙනා කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට




ඉන්දියාවේ සිට ඩිංගි යාත්‍රාවකින් කේරළ ගංජා කිලෝ 141 ක් මෙරටට රැගෙන එමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, යාපනය, එළුවේතීව් දූපත ආසන්න මුහුදු සීමාවේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා කයිට්ස් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යයාලය වෙත යොමු කර, කේරළ ගංජා තොගය කයිට්ස් පොලිසිය වෙත භාර දී තිබෙනවා. අදාළ කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි එක හමාරක් පමණ වන බවයි කයිට්ස් පොලිසිය පැවසුවේ. සැකකරුවන් ඉන්දීය ජාවාරම්කරුවන්ගෙන් එම කේරළ ගංජා තොගය ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.