Tuesday, April 30, 2024

General line - 0115112241

අපවත් වූ කොටුගොඩ ධම්මාවාස නාහිමිගේ දේහය අද පස්වරුවේ ගල්කිස්ස විහාරස්ථානයට




අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමිගේ දේහය අද පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතව තිබෙනවා.

උන්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ රැස්වන ආදාහන කමිටුවේදී තීරණය කරන බවයි අමරපුර පාර්ශව සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය බටපොළ මේධානන්ද හිමියන් නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාවගෙන් ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ අපවත්වීම ශ්‍රී ලංකාවට පමණක් නොව විදේශීය බෞද්ධ රටවලටද පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ බංග්ලාදේශයේ ඥානධම්ම හිමියන් ප්‍රකාශ කළේ.

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් අද අලුයම අපවත් වූයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අපවත් වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 88 ක්.

1933 ජනවාරි 23 වනදා මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදි උපත ලද උන්වහන්සේ 1948 වසරේ  පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා.

බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක උන්වහන්සේගේ දේහය මේ වනවිට තැන්පත් කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.