Tuesday, April 30, 2024

General line - 0115112241

MMC ගිවිසුමට රජය අත්සන් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි




මිලේනියම් චැලේන්ජ කෝපරේෂන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.

ඒ, ශ්‍රී ලංකා රජය - අමෙරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට නියමිත යැයි පැවසු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය, සහ SOFA යන ගිවිසුම් සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීයි.

තවද SOFA ගිවිසුම ද ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් පෙත්සම්කරුවන්ගේ ස්ථාවරය ඉදිරියේදී දැනුම් දෙන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට දැනුම් දුන්නේ.

අදාළ පෙත්සම් ගොනුකර තිබුණේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව තුනක් විසින්.

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය නම් කර තිබෙනවා.