Wednesday, May 1, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 299 දෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 299 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 87,058 ක්.

මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 90,200 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 2,596 ක්.