Tuesday, April 30, 2024

General line - 0115112241

විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිට වගකීම් ඉටුකරන්නැයි ජනපති කියයි




විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිට සෑම පුද්ගලයෙකුම පරිසරය වෙනුවෙන් සිය වගකීම ඉටු කරන්නේ නම් පරිසරය ආරක්‍ෂා කිරීමට ඉතා පහසු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. මෙරට ගංගා සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ක්‍රියාවට නංවන ගං ඉවුරු ආරක්ෂා කිරීමේ ‘සුරකිමු ගංගා‘ ජාතික වැඩසටහනේ ප්‍රධාන උත්වයට කතරගම මැණික් ඟඟ අභියස දී එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.  

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පරිසරය සුරකීමට තමන් සිදුකළ මෙහෙවර, ජනාධිපති ධුරය දැරීමට ද ඉවහල් වූ බවයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී කියාසිටියේ.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා.

සුරකිමු ගංගා ජාතික වැඩසටහන යටතේ සෑම පළාතක්ම ආවරණ වන පරිදි ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණා.