Tuesday, April 30, 2024

General line - 0115112241

අඩුම ලංසුවට රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව දේශීය සමාගමකට




කැබිනට් අනුමැතියෙන් අඩුම ලංසුව ඉදිරිපත් කල දේශීය කොන්ත්‍රාත් සමාගමට රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකිරීමට කොන්ත්‍රාත්තුව අද පිරිනැමුණා. ඒ අනුව කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ කිලෝමීටර් 24.3 ක කොටස එම සමාගම විසින් ඉදිකිරීමට නියමිතයි.

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීමේ කොන්ත්‍රාත් පිරිනැමීම සිදුකෙරුණේ බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යාංශයේදීයි. ඒ, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන්. මෙම මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් 12 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබෙනවා.

රුවන්පුර අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් ආරම්භ වනවා. කිලෝමීටර් 73 යි දශම 9 ක දිගින් යුත් එම මාර්ගය පැල්මඩුල්ල නගරයෙන් අවසන් වනවා.