Tuesday, April 30, 2024

General line - 0115112241

පොලීසියේ රථ වාහන මෙහෙයුමට රියදුරන්ගේ විරෝධය




ගෙවී ගිය ටයර සහිතව ධාවනයේ යෙදෙන රථ වාහන සොයා අද සිට සිදු කෙරෙන විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් රියදුරන් විරෝධය පළ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික අපහසුතා සහ ටයර් හිඟයක් පවතින මෙවන් අවස්ථාවක එවැනි මෙහෙයුම් සිදුකිරීම අසාධාරණ බවයි. මේ, ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ රියදුරන් කිහිපදෙනෙක්. 

සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමේ පියවරක් ලෙස ගෙවි ගිය ටයර් සහිතව ධාවනය කෙරෙන වාහන සොයා පොලීසිය දින තුනක විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සියලු කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරුන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.