Tuesday, April 30, 2024

General line - 0115112241

අපවත්වූ කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා




අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ දේහය මේවනවිට ගල්කිස්සේ පිහිටි ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 25 වන බ්‍රහස්පතින්දා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි. මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ අමරපුර පාර්ශව සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය බටපොල මේධානන්ද හිමියන්.