Thursday, May 2, 2024

General line - 0115112241

රන්ජන්ගේ මන්ත්‍රී අසුන ගැන නොතීසි නිකුත් කරනවාද ? නැද්ද ? - තීරණය මාර්තු 31




අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය  සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව නොතීසි නිකුත් කරනවාද නැද්ද යන්න නියෝගය මාර්තු මස 31 දා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සිරදඬුවම් නියම කර, ලබන අප්‍රේල් මස වන විට මාස තුනක් වන බැවින් මෙම පෙත්සමේ තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමේ වැදගත්කම රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අවධාරණය කරන ලදී .

මෙම රිට් පෙත්සමට අදාළව දෙපාර්ශවයේ ලිඛිත දේශන ගොනු කිරීමට අභියාචනාධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මෙම රිට් පෙත්සම ගොනු කරන ලදි.

අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

මිනීමැරුම් චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (c) වගන්තිය අනූව පාර්ලිමේන්තු සැසිවාර සදහා යෑමට පාර්ලිමේන්තු මහලේකම්වරයා අවසර ලබා දුන් බව රංජන් රාමනායක සිය පෙත්සමෙන් අවධාරණය කර සිටියි.