Friday, May 10, 2024

General line - 0115112241

බන්ධනාගාරගත වන මව්වරුන් සමග රඳවන කුඩා දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්




බන්ධනාගාරගත වන මව්වරුන් සමග රදවන වයස 05 දක්වා වන දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධන කටයුතු ඉහල නැංවීම උදෙසා දීර්ඝකාලීන වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා. ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි. එම වැඩසටහනෙහි ප්‍රධානතම අරමුණ වන්නේ මව්වරුන් සමග බන්ධනාගාරගතවන කුඩා දරුවන්ට ළමා හිත මිතුරු පරිසරයක් ඇති කරලීම,  ළමා රැකවරණ මධ්‍යස්ථාන ඇති කරලීිම සහ එහි පහසුකම් සංවර්ධනය කිරීමයි. 

මෙම ව්‍යාපෘතිය වැලිකඩ, අගුණකොලපැස්ස, බෝගම්බර, අනුරාධපුර, කුරුවිට, කළුතර යන ආයතන තුළ ක්‍රියාත්මක කිරිමට යෝජිතයි. එහිදි ළමුන් සහ මව්වරුන් රැදවීමට වෙනම ගොඩනැගිල්ලක්, ළමා සෙල්ලම් පිටියක් සහ පෙර පාසල බන්ධනාගාරයේම ස්ථාපිත කිරීම හා දැනට ළමා සුරැකුම් මධ්‍යස්ථාන පවත්නා ස්ථාන නවීකරණය ඉතා ඉක්මනින්  සිදු කිරිමට ද අපේක්ෂා කෙරෙනවා. මෙම ව්‍යාපෘතිය වැලිකඩ, අගුණකොලපැස්ස, බෝගම්බර , අනුරාධපුර , කුරුවිට, කළුතර යන ආයතන තුළ ක්‍රියාත්මක කිරිමට යෝජිත අතර එහිදි ළමුන් සහ මව රැදවිමට අවශ්‍ය වෙනම ගොඩනැගිල්ලක්, ළමා සෙල්ලම් පිටියක් සහ පෙර පාසල බන්ධනාගාරයේම ස්ථාපිත කිරිම හා දැනට ළමා සුරැකුම් මධ්‍යස්ථාන පවත්නා ස්ථාන නවීකරණය ඉතා ඉක්මනින්  සිදු කිරිමටද අපේක්ෂා කෙරෙනවා.

ඒ සදහා ලෝක බැංකු මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන ද හිමි වන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක වැඩිදුරටත් සඳහන් කළේ.