Sunday, April 28, 2024

General line - 0115112241

ලොව ප්‍රථම වරට රුසියාවෙන් සතුන් සඳහා කොවිඩ් මර්දන එන්නතක්




සතුන් සඳහා කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමට රුසියාව පියවර ගෙන තිබෙනවා. කාර්නිවැක් - කොව් ලෙස නම් කර ඇති මෙම එන්නත සතුන් වෙනුවෙන් ලියාපදිංචි කළ ලොව පළමු එන්නතයි. සතුන් අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම මෙහි අරමුණයි. මේ මාසයේ සිට එන්නත මහා පරිමාණ වශයෙන් නිපදවීමට රුසියාව සැලසුම් කර තිබෙනවා. 

රුසියාව විසින් කාර්නිවැක් - කොව් එන්නතෙහි සායනික අත්හදා බැලීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිටයි. ඊට අදාළ පර්යේෂණ සඳහා සුනඛයින්, බළලුන්, ආක්ටික් හිවලුන් ඇතුළු හිවල් විශේෂ සහ මුගටියන් යොදාගෙන තිබෙනවා. එන්නත්කරණයට ලක්වූ එම සියලු සතුන් කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් එම එන්නත සතුන් සඳහා භාවිතයට සුදුසු බවත්, එමගින් සතුන් තුළ ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් ඇති කරන බවත් රුසියාවේ නිගමනය වී තිබෙනවා.