Saturday, September 21, 2024

General line - 0115112241

වැඩවැරුමෙන් වැසී ගිය සරසවි හෙට සිට යළි විවෘත කෙරේ




අනධ්‍යයන සේවකයින්ගේ වැඩවර්ජනය නිසා බිඳවැටුණු විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු කඩිනමින් යළි ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

කෙසේ වෙතත් තාවකාලිකව වසා දැමුණු විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමට හැක්කේ හෙට (10) හෝ වෙනත් ඉදිරි දිනයකදී බවයි එහි ලේකම් ඩී.සී. දිසානායක කියා සිටියේ.

අනධ්‍යයන සේවකයින්ගේ වැඩවර්ජනය නිසා රජරට විශ්ව විද්‍යාලය ද තාවකාලිකව වසා දැමුණා. එහි ලේඛකාධිකාරී ඒ.එම්.ජී.බී. අබේසිංහ පැවසුවේ එම විශ්ව විද්‍යාලය හෙට නැවත විවෘත කරන බවයි.

සිය ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුම් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිඛිතව ලැබුණු නිසා වැඩවර්ජනය ඊයේ (08) පස්වරුවේ සිට නවතා දැමූ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පැවසුවා.