Thursday, May 2, 2024

General line - 0115112241

පිළියන්දල පොලිස් බලප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ 




වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත.

පානදුර දකුණ ප්‍රදේශයේ වෑකඩ උතුර, කිරිබේරිය සහ පාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම ද හුදකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කලේ.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 1,717 දෙනෙකු මෙරටින් ඊයේ වාර්තා වුණා. එය සටහන් වූයේ දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව අඛණ්ඩව 05 වන දිනටත් ඊයේ දිනයේදී දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවා ගියා. ගතවූ දින 05දී පමණක් මෙරටින් වාර්තා වු ආසාදිතයින් සංඛ්‍යාව 7,486ක්. ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේන් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 09ක් වාර්තා වුණා. මෙම කොරෝනා මරණ වාර්තා වුයේ කරඳන, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, දේවාලගම, මාවනැල්ල, යක්විල, වලපනේ, රත්නපුර සහ කුලියාපිටිය යන ප්‍රදේශවලින්. ඊයේ වාර්තා වු කොරෝනා මරණ 09 අතර යක්කල ප්‍රදේශයේ 33 හැවරිදි පුද්ගලයෙකුද වනවා.