Thursday, May 2, 2024

General line - 0115112241

රසායනික පොහොර සහ පලිබෝධනාශක ගෙන්වීම අත්හිටුවයි




රාසායනික පොහොර සහ පලිබෝද නාශක මෙරටට ගෙන්වීමට අවසර දීම පෙරේදා දිනයේ සිට අත්හිටුවා ඇති බව වාර්තා වනවා. ඒ අනුව පොහොර සහ පලිබෝද නාශක ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අවසර ලබා නොදීමටයි අදාල අංශ කටයුතු කළ ඇත්තේ.  රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත්කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් 29දා ප්‍රකාශ කළා.

ඒ අනුවයි රසායනික පොහොර හා පලිබෝද නාශක ගෙන්වීම අත්හිටුවීමට අදාල අංශ පියවර ගෙන ඇත්තේ. එම තීරණයත් සමග මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කාබනික පොහොර සපයා ගැනීමට පවතින වැඩිපිළිවෙල කුමක්දැයි පොහොර නිෂ්පාදන සහ සැපයුම් රසායනික පොහොර සහ කෘමිනාෂක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වාගෙන් නෙත් නිවුස් කරුණු විමසීමක් කළා. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය මොහාන්ද සිල්වා. 

ඉකුත් වසරේදී පමණක් මෙරටට පොහොර ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 56ක මුදලක් වැය කර තිබෙනවා. 

2016 වසරේදී මෙරට වාර්ෂික පොහොර අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් හය ලක්ෂයක් පමණ වු අතර මේ වසර වන විට මෙරට වාර්ෂික පොහොර අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් ලක්ෂ 12ක් පමණ දක්වා ඉහල ගොස් තිබෙනවා. පොහොර සහනාධාරය මෙලෙස පොහොර අධි භාවිතයට හේතුවක් වී ඇති බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.