Thursday, May 2, 2024

General line - 0115112241

ඔක්සිජන් මදි වුවහොත් සිංගප්පූරුවෙන් ගෙන්වීමට රජයේ අවධානය




රට තුළ යලි ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වසංගතය හමුවේ මෙරට තුළ පවතින ඔක්සිජන් ප්‍රමාණවත් නොවුනහොත් සිංගප්පුරුව වැනි රටවලින් ඔක්සිජන් ගෙන් වීමට රජය තීරණය කර තිබෙනවා. මෙරට ඔක්සිජන් සමාගම් සතු ඔක්සිජන් ධාරිතාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තක්සේරු වාර්තාවක් ලබා ඇති බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ. 

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ මාතර දිස්ත්‍රික් කොරෝනා කාර්යය සාධක බලකා කමිටු රැස්වීමට එක්වෙමින්. රට තුළ ප්‍රමාණවත් ඔක්සිජන් මේ වන විට තිබෙන බැවින් දැඩි සත්කාර ඒකකවලට අමතරව ඔක්සිජන් ලබා දිය හැකි ස්ථාන රෝහල් තුළ ස්ථාපිත කළ යුතු බවයි ආමාත්‍යවරයා සඳහන් කළේ.