Thursday, May 2, 2024

General line - 0115112241

ඇමති මහින්දානන්ද ස්වයං නිරෝධායනයට




කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා. ඒ, සිය ආරක්ෂික අංශ සමාජිකයෙකුට සහ රියදුරන් කිහිප දෙනෙකුට ඉකුත් සිකුරාදා කොරෝනා වෛරසය ආසාදනය ඇති බව තහවුරු වීම හේතුවෙන්. අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමන් සහ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුව සිටින බවයි.

පලමු පී සී ආර් පරීක්ෂණයේදී තමන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළා. දෙවන පී සී ආර් පරීක්ෂණයේ වාර්තාව ලැබෙන තෙක් මහජන සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සියලු දෙනා නිවෙස් තුල නිරෝධායන වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා දැනුම් දෙන්නේ සිය ආරක්ෂක අංශ සමාජිකයින් හෝ කාර්ය මණ්ඩලයේ කිසි වෙකු ඉකුත් 27වනදා සිට හමුවුයේ නම් ස්වයං නිරෝධායනයට යොමු වන ලෙසයි.