Sunday, April 28, 2024

General line - 0115112241

තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන හමුදා සාමාජිකයන් තිස්දෙනෙකු අතුරැදන් 




ගිනිකොණදිග ඇෆ්ගනිස්තානයේ ගසානි ප්‍රාන්තයේ අර්සෝ ප්‍රදේශයේදී තලේබාන් සාමාජිකයන් එල්ල කළ ප්‍රහාරයකින්  ඇෆ්ගනිස්තාන හමුදා සාමාජිකයන් තිස්දෙනෙකු පමණ අතුරැදන්ව තිබේ.

පසුගිය සිකුරාදා රාත්‍රියේ ප්‍රදේශයේ හමුදා කදවුරැ ඉලක්ක කරගෙන එල්ල කළ මෙම ප්‍රහාරය ඊයේ දිනයේද ක්‍රියාත්මකව තිබේ.

මෙහිදී මියගිය  හා තුවාල ලැබූ ඇෆ්ගනිස්තාන හමුදා සහ තලේබාන් සාමාජිකයන් සංඛ්‍යාව පිලිබද මෙතෙක් අනාවරණය වී නොමැති බව  සදහන් වේ.

කෙසේවෙතත් තම සාමාජිකයන් 30 පමණ අතුරැදන්ව ඇති බව ඇෆ්ගනිස්තාන හමුදාව පිළිගෙන ඇති අතර ඔවුන් මියයන්නට හෝ තලේබාන් සංවිධානය මගින් අල්ලාගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමට අදාළ දින ප්‍රකාශ කිරීමත් සමග,ඇෆ්ගනිස්තානයේ ගැටුම් උත්සන්න වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අප්‍රේල් මස අවසන් දින පහළව තුළ පමණක් පුද්ගලයන් 250 ක් පමණ මියගොස් ඇති බවයි.