Saturday, April 27, 2024

General line - 0115112241

බිල් ගේට්ස් දික්කසාදය ප්‍රකාශයට පත් කරයි




මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය 27 වසරක විවාහ දිවිය නිම කරමින් දික්කසාදවීමට තීරණය කළ බව නිවේදනය කර තිබෙනවා.

දික්කසාදවීම සදහා වූ ඒකාබද්ධ පෙත්සමක් ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ විවාහය පිළිබද සිය නෛතික එකඟතාව ආපසු හැරවිය නොහැකි ලෙස බිදී ඇති බවයි.

එම යුවල එක්ව පිහිටුවා ඇති බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ලොව විශාලතම සුබසාධන ආයතනයක්.

එමගින් පසුගිය දශක දෙකක පමණ කාලය තුළ දිළිදුකම තුරන් කිරීමට සහ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 50 කට අධික මුදලක් වැය කර ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

මැලේරියාව, පෝලියෝ වැනි රෝග තුරන් කිරීම ළමා මන්දපෝෂණයට එරෙහිව එම සංවිධානය මගින් වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.

කොවිඩ් වසංගතයට එරෙහිව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය සදහා එම ආයතනය පසුගිය වසරේදී ඩොලර් බිලියන එකයි දශම 7 යි 5 ක මුදලක් වැය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තමන් දික්කසාදවීමට තීරණය කළද මහජන සුබසාධනය වෙනුවෙන් පිහිටවූ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම නොවෙනස්ව පවතින බවයි එම යුවල වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.