Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවේ ICU ඇදක් රුපියල් 120,000කට වෙන්දේසි වෙයි




ගතවූ පැය 24 දීද ඉන්දියාවෙන් වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 04 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ගතවූ පැය 24 දී පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ 12,618 ක්.

ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් කොරෝනා මරණ 3,982 ක් වාර්තා වුණා. මෙවැන පසුබිමකී වුවත්, ඉන්දියාවේ තවදුරටත් මහජන ඒකරාශී විම් පැවැත්වෙන බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඉකුත් දා මැතිවරණයන් පැවැති ප්‍රාන්තවල තවමත් උත්සව මෙන්ම ගැටුම් ද ක්‍රියාත්මකයි.

මේ අතර පෞද්ගලික රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් මුදලට ලබාදීමේ සිදුවීම් ද මේදිනවල ඉන්දියාවෙන් වාර්තා වනවා.

 එලෙස කොරෝනා ආසාදිත මවකට දැඩි සත්කාරයේ ඇඳක් ලබාදීම වෙනුවෙන් පුත්‍රයෙකුගෙන් ඉන්දීය රුපියල් එක්ලක්ෂ 20,000 ක් ලබාගත් සේවකයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ පුත්‍රයා විසින් එම මුදලින් කොටසක් ගෙවා ඇඳක් වෙන් කර මව ඊට යොමු කර තිබුණත් පැය කිහිපයකින් අනතුරුව එම මව මියගොස් තිබෙනවා. අදාළ සිද්ධියෙන් පසුව පුත්‍රයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි පොලීසිය විසින් රෝහල් සේවකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පවතින තත්ත්වය අනුව ඉන්දියාවේ සංචාරය නොකරන්නැයි අමෙරිකාව එරට පුරවැසියන්ට දැනුම් දෙනවා. අමෙරිකාව සිය රට වැසියන්ට එවැනි දැනුම් දීමක් සිදුකළ දෙවන අවස්ථාව මෙයයි.

ඒ අනුව අමෙරිකාව ඉන්දියාවේ සංචාරය කිරීමේ අවදානම සිව්වන මට්ටම දක්වා ඉහළ නංවා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව මේවනවිට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ අමෙරිකාව මෙම තීරණය ගෙන තිබෙනවා.