Sunday, May 5, 2024

General line - 0115112241

කොවිඩ් තත්ත්වය ගැන සෞඛ්‍ය ඇමති කැඳවූ සාකච්ඡාවක් අතිරේක ලේකම්වරුන් මගහරී




රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේදී ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්. අදාළ සාකච්ඡාවට සහභාගී වන ලෙස අමාත්‍ය කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට හා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්ට ද දන්වා තිබෙනවා.

කෙසේවෙතත්, කැඳවීමට අනුව අදාළ සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා පමණයි. නියමිත වේලාවට සාකච්ඡාවට නොපැමිණි බැවින් දුරකථනය හරහා ඊට හේතුව විමසූ විට අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් දන්වා ඇත්තේ තමන් සිය නිවෙස්වලට ගොස් සිටින බැවින් අදාළ සාකච්ඡාව සඳහා පැමිණිය නොහැකි බවයි.