Sunday, May 5, 2024

General line - 0115112241

මිලියන 60 කොකේන් රැගෙනආ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට




කටුනායක ගුවන් තොටුපොලේදී රුපියල් මිලියන 60 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැණුනු දකුණු අප්‍රිකානු ජාතිකයා වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දෙන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

කෙන්යාවේ නයිරෝබි නුවර සිට මෙරටට පැමිණි සැකකාර විදේශිකයාගේ ගමන් බෑගයේ තිබී හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 29 ක් සොයාගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදන්ත සිල්වා පැවසුවේ. එම විදේශිකයාගේ ගමන් බෑගයේ සූක්‍ෂම ලෙස පාර්සල් 3 ක මෙම මත්ද්‍රව්‍ය සගවා තිබුණු බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

කටුනායක ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් එම විදේශිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.