Sunday, May 5, 2024

General line - 0115112241

පළමු වරට දිනක් තුලදී කොවිඩ් ආසාදිතයින් 2000 සීමාව ඉක්මවයි  : මරණ 15ක් වාර්තා වෙයි




දිනක් තුළදී මෙරටින් පළමු වරට කොවිඩ් ආසාදිතයින් 2,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2,672 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි.

අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 125,906ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 104,463ක් වනවා.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 20,657ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

මේ අතර අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 15ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස් ඇත. ගතවූ දින 03 තුලදී පමණක් මෙරටින් මරණ 56ක් වාර්තා වී ඇත.

මේ අතර රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සිය නිවෙස්වලට ආගන්තුකයින් ගෙන්වා ගැනීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පැවසුවේ.