Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා මරණ සංඛ්‍යාව 981ක් දක්වා ඉහළට : තවත් ප්‍රදේශ 03ක් හුදෙකලා කෙරේ




ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 19ක් මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වු සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 981 දක්වා ඉහලගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා මරණ 19න් 14ක් පිරිම් පුද්ගලයින් වන අතර 05 දෙනෙකු කාන්තාවන්. 

මේ අතර ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 2,433 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ 45,202 දක්වා ඉහලගොස් තිබෙනවා. ඒ අතරින් එක් ලක්ෂ 19,629 දෙනෙකු සුවය ලබා ඇති අතර ආසාදිතයින් 24,611 දෙනෙකු අතරමැදි මධ්‍යස්ථානවල හෝ රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත‘්‍රික්කයෙන් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවා. 

මේ අතර ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 03ක් අද උදෑසන සිට හුදෙකලා කෙරුණු බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.